(+94) 940272254121
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Ulhitiya M.V.

බ/උල්හිටිය මහා විද්‍යාලය (ජාතික පාසල)

Mahiyanganaya Zone

  • Register
  • Login
Ulhitiya M.V.

බ/උල්හිටිය මහා විද්‍යාලය (ජාතික පාසල)

Mahiyanganaya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

මහවැලි ගං දියරින් පෝෂිත වූ උල්හිටියගම්මානයේ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

වර්ෂ 1984  හත්වෙනි මස දහවැනි   උල්හිටිය ගම්මානයේ මහවැලි සි කලාපය විසින්  සාදා නිම කළ ගොඩනැගිලි පහ තුළ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එන් .යු.උපසිරි මහතාය. එතුමන් සමඟ  සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් දෙදෙනෙකු ඉගැන්වීම්න්වී කටයුතු සදහා එක්වී ඇත.පසුව ගණීතය ගුරුවරියන් ‍දෙනෙකු සේවයට පැමිණි අතර ඔවුන් ලීලාවතී හා බණ්ඩාර මැණිකේ වෙි. යෝජිත මහා විද්‍යාලයක් ලෙස මහවැලි සි කලාපය මෙම විද්‍යාලය ආරම්භ කර ඇති අතර මහවැලි සි කලාපයේ නේවාසක ව්‍යාපාර කළමණාකරණ පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ළමයින් පාසලට ඇතුළත් කර ඇත.

පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස  එම්.ජි.සරත් කුමාර සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට සිසුන් එක් වීම ආරම්භ වී ඇති අතර 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. 1984.12.31 වන දින වන විට සිසුන් 228 ක් උල්හිටිය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.

1987 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රථම වරට සිසුන් 11 ක් මුහුණ දෙයි.

ඉහත රූපය රූපයේ දැක්වෙන්නේ මුල්ම ගුරුතුමා පදිංචි  වූ නිළ නිවාසය වන අතර මෙහි වර්තමානයේත් ගුරු භවතෙකු පදිංචි වී සිවියි. පසුකාලීනව නව බුදු මැදුරක් ,නව ගොඩනැගිලි 03ක් හා එක් දෙමහල් ගොඩනැගිල්ලක් එකතු විය.

 1993 වර්ෂයේ දී උසස් පෙළ කලා අංශය ආරම්භ වේ.2012 වර්ෂයේ දී විද්‍යාලයේ වාණිජ අංශය ආරම්භ වේ.

2020 වර්ෂයේ දී නව ගොඩනැගිල්ලක් ඉදි වන අතර එම ගොඩනැලිල්ල තුළ උසස්  පෙළ සිසුන් අධ්‍යයන කටයුතු සිදු කරයි.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

  විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 39ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 06කින් සමන්විතය. නවසියක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "පිරුණු හිසක් කුලුණු හදක් ඇති මිනිසුන් බිහි කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2023 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1984.07.19

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

72

මුල් ගුරුතුමාගේ නම

එන්.යු.නිශ්ශංක මහතා

පාසලේ ආදි කතෘගේ නම

මහවැලි සි කලාපය

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

05

පාසලේ නම

බ/ මහා උල්හිටිය විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

එන්.යු.නිශ්ශංක මහතා

පාසල රජයට පවරාගත් දිනය

රජයට අයත් පාසලකි.

පාසල පැවැත්වූ ස්ථානය

උල්හටිය ගම්මානයේ සාදා නිම කළ ගොඩනැගිලි 05 තුළ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 එම්.ජි.සරත් කුමාර

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

බී.එම්.ධම්මිකා ප්‍රියදර්ශනි බස්නායක

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1984.07.19

 

 

 

{QF3=5}

Ulhitiya M.V.

බ/උල්හිටිය මහා විද්‍යාලය (ජාතික පාසල)

Mahiyanganaya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • ulhitiya Maha Vidyalaya Ulhitiya Girandurukotte

: (+94)0272254121

: [email protected]

Supported By

© 2026 Ulhitiya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk