මහවැලි රන් දියරින් පෝෂිත වන උල්ගහිටි ගම්පියසේ
පහන් ටැඹක් වන් අවිදු අදුර බිඳි උල්හිටි විදුහල් මෑණි අපේ
සැරදේ ........සැරදේ.........උල්හිටි විදුහල් මෑණි අපේ.
වනපෙත් එළි කළ වැව් ඇළ දොළ බැදි
ඔපවත් කර ජන දිවි පෙවෙතේ
හරවත් කරලයි ශාස්ත්‍ර කලා නැණ
ගුණ දී ඔබ අප හට නිබදේ
ඔබගේ සෙවණින් ශිල්ප සතර ලැබ
සමුගෙන ගිය අප දිනෙක මතු
සිහිකර ඔබෙ ගුණ නන්වමි ඔබෙ නම
ලක්මෑණිය පවතිනා තුරු
මහවැලි රන් දියරින් පෝෂිත වන උල්ගහිටි ගම්පියසේ
පහන් ටැඹක් වන් අවිදු අදුර බිඳි උල්හිටි විදුහල් මෑණි අපේ
සැරදේ ........සැරදේ.........උල්හිටි විදුහල් මෑණි අපේ.