(+94) 940272254121
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Ulhitiya M.V.

බ/උල්හිටිය මහා විද්‍යාලය (ජාතික පාසල)

Mahiyanganaya Zone

  • Register
  • Login
Ulhitiya M.V.

බ/උල්හිටිය මහා විද්‍යාලය (ජාතික පාසල)

Mahiyanganaya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

බ/උල්හිටිය මහා විද්‍යාලය(ජාතික පාසල)

ඌව පළාත තුළ පවතින අධ්‍යාපන කලාප 10 අතර මහියංගන අධ්‍යාපන කලාපය සුවිශේෂී ලක්ෂණ වලින් සමන්විත වේ .මෙම මහියංගන කලාපය තුළ බ/උල්හිටිය මහා විද්‍යාලය සුවිශේෂ අනන්‍යතාවක් සහිත පාසලකි .විශේෂයෙන්ම මෙම විද්‍යාලයේ පෝෂිත ප්‍රදේශය මහවැලි "සී" කලාපයට අයත් වේ. විවිධ ප්‍රදේශවලින් පදිංචියට මෙම ප්‍රදේශයට පැමිණි මහවැලි ජානපදිකයින්ගේ තෙවන පරම්පරාවට අයත් දරු දැරියන් මේ වන විට අධ්‍යාපනය හදාරන පිරිස අතර වෙයි.

අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන කාලය ශ්‍රමය ධනය එකී සමාජයට දිගුකාලීන ප්‍රතිඵල ලබා දෙන ආයෝජනයකි. සමාජයේ චර්යා රටාව එම රටෙහි අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ මිනුම් දණ්ඩකි. ගුණාත්මක ජීවිත වලින් සමන්විත ගුණාත්මක සමාජයක් බිහි කළ හැක්කේ නිසි අධ්‍යාපන ක්‍රියාවලියක් තුළිනි. ඒ පිළිබඳ දැඩි වගකීමකින් යුක්තව "පිරුණු හිසක් කුළුණ හදක් ඇති මිනිසකු බිහි කිරීම" යන දැක්ම පෙරදැරිව බ/ උල්හිටිය මහා විද්‍යාලයේ ඉදිරි මෙහෙවර සනිටුහන් වී ඇත.
පුළුල් වශයෙන් වෙනස් වන සමාජ පරිසරය තුළ දැයේ අනාගත ඉලක්ක කරා සිසුන් මෙහෙයවීම කලමනාකාරන භූමිකාව තුළ මාගේ වගකීමකි. එම වගකීම ඉටුකිරීම සඳහා ඉලක්ක කර ගත් කළමනාකරණ ක්‍රියාවලියක් ස්ථාපිත කරමින් කටයුතු කිරීම සඳහා විදුහල්පති ලෙස මා විසින් ඉටු කළ යුතු වගකීම් සමුදායකි .ඒ අනුව විද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සිසු දෙමාපිය ඇතුළු පාසල් ප්‍රජාව පාසලට ශක්තිය සපයයි .මානව හා භෞතික සම්පත් වල කාර්යක්ෂම භාවිතය තුළින් සහ එම ශක්තීන් හා අවස්ථා වැඩි දියුණු කිරීම තුලින් ප්‍රදේශයේ අහිංසක දූ පුතුන්ගේ නැණ පහන් දැල්වීමට මංපෙත් විවර කිරීම කළමනාකරණ කමිටුවට අදාල අපගේ ප්‍රධාන කාර්යය ලෙස මා සිතමි. පාසල් ප්‍රජාවේ විවිධත්වය ,සංස්කෘතික වාර්ගික හා සමාජ තත්ත්වය අවබෝධ කර ගැනීම තුළින් උපායමාර්ගික ක්‍රමවේදයක් හරහා පාසලේ අරමුණු ඉටුකර ගැනීම මාගේ අපේක්ෂාවයි. මේ වන විට විවිධ තරග ජයග්‍රහණ මෙන්ම ප්‍රධාන ජාතික විභාග වල ප්‍රතිඵල අනුව ප්‍රදේශයේ දීප්තිමත් පාසලක් ලෙස වැජඹෙන උල්හිටිය මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ට ගුණාත්මක සංවර්ධන ප්‍රමිතීන්ට අනුගත වීමට හැකි වේවා යන්න මගේ පැතුමයි.

අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

 

විදුහල්පති,

 උල්හිටිය මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Ulhitiya M.V.

බ/උල්හිටිය මහා විද්‍යාලය (ජාතික පාසල)

Mahiyanganaya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • ulhitiya Maha Vidyalaya Ulhitiya Girandurukotte

: (+94)0272254121

: [email protected]

Supported By

© 2026 Ulhitiya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk